Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

නායකත්වය යනු බලපෑම් ඇති කරන සේවා ආකල්පයකි..!
නායකත්වයේ හදවත යනු ඔබට පෙර අන් අයට සේවය කිරීමයි..
නායකත්වය යනු ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණුවලින් අන්‍යයන්ට බලපෑම් කිරීම/ සේවය කිරීම එවිට ඔවුන් තුළින් සහ ඔවුන් මගින් දෙවියන්වහන්සේගේ අරමුණු උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාකරමින් ඉටුකර ගනී…
ශ්‍රේෂ්ඨ නායකයින් සියලු දෙනාම එකම ආකාරයකින් මෙහෙයවන්නෝ හෝ එකම අත්දැකීම් ඇති අය නොවේ..
ඔබට නායකත්වය දීමට පදවි නාමයක් අවශ්‍ය නැත, ඔබට එය දැන් කළ හැකිය, ඔබ සිටින තැනම සහ අරමුණක් ඇතිව සේවය කරන්න..
ඇත්ත වශයෙන්ම අප සියල්ලන්ම නායකයන් වීමට කැඳවනු ලැබේ, අපගේ ආදර්ශයෙන්, අපගේ ජීවන රටාවෙන්, අප ජීවිතයේ කොතැනක සහ කුමන තත්වයක සිටියත් අන් අයට මඟ පෙන්විය හැකිය..
අපට අනුකරණය කළ හැකි, අනුගමනය කළ හැකි සහ මඟ පෙන්වීම සඳහා බලා සිටිය හැකි නායකයෙකුගේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය ජේසුස් වහන්සේය.

කිතුනු නායකයෙකුගේ ලක්ෂණ:
1. ආදරය
කිතුනු නායකයෙකු ඔහු හෝ ඇය කරන ඕනෑම දෙයකදී දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය මෙහෙයවිය යුතුය..
2. නිහතමානිකම
අහංකාර වීම ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණු ආදර්ශයට ගැනීමට හෝ ප්‍රදර්ශනය කිරීමට උදව් නොකරයි..
3. ස්වයං සංවර්ධනය
දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කිරීමට ජේසුස් වහන්සේ නිතරම කාලය යෙදවීමට යොමුවිය. දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ ශක්තිය සෙවීම සඳහා තීක්ෂණ බුද්ධිය බාවිතයට ක්‍රිස්තියානි නායකයන් ජේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතුය. වඩා ධර්මිෂ්ඨ වීම සියලුම කිතුනුවන්ගේ ජීවිත කාලය පුරාම ක්‍රියාවලියක් වන අතර නායකයින් අධ්‍යාත්මිකව වර්ධනය වීමට කාලය ගත කළ යුතුය..
4. පෙලබවීම
මිනිසුන් නොමඟ යැවීම හෝ සූරාකෑම වෙනුවට යහපත් නායකයින් අන් අය උසස් අරමුණක් සඳහා පොළඹවයි..
5. නිවැරදි කිරීම
අන් අයව නිවැරදි ආකාරයෙන් නිවැරදි කිරීම සියලුම කිතුනුවන්ට වැදගත් වේ.
– ඔවුන්ගේ ගතිගුණ තේරුම් ගැනීමෙන්
– ඔවුන්ගේ ගැටළු වලට ගරු කිරීමෙන්
– ඔවුන්ගේ කුසලතා විශ්වාස කිරීමෙන්
– ඔවුන්ගේ සිහින වලට සහය දීමෙන්
– ඔවුන්ගේ දුර්වලතා වලදී ඔවුන්ට ඒවායින් පිටතට ඒමට අභියෝග කිරීමෙන්
6. අඛණ්ඩතාව
හොඳ නායකයින් අඛණ්ඩතාව ක්‍රියාවට නංවයි අගය කරයි. අවංකභාවය නැති නායකයන් මිනිසුන් අනුගමනය නොකරයි. අඛණ්ඩතාව යනු අප දේශනා කරන දේ පිළිපැදීම, ස්ථාවර සහ විශ්වාසවන්ත වීම, අප පවසන දේ ක්‍රියාවට නැංවීම සහ අන් අය තුල අප ගැන විශ්වාසයක් වර්ධනය වන ආකාරයට ජීවත් වීමයි..
7. දෙවියන්ගේ කැමැත්ත අනුගමනය කරන්නා
හොඳ නායකයෙක් සමිඳාණන් වහන්සේ සොයයි, සමිඳාණන් වහන්සේ වෙත ඔහුගේ මාර්ගය භාර දෙයි, සමිඳාණන් වහන්සේ ඔහුගේ ඊළඟ පියවර ස්ථාපිත කරයි..

“තවද, ඔබ මුළු සෙනග අතුරින් දේව බය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතින් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න…..” (නික්මයාම 18:21)

Archives

January 15

Know that the Lord is God. It is he who made us, and we are his; we are his people, the sheep of his pasture. —Psalm 100:3. God made us and

Continue Reading »

January 14

Enter his gates with thanksgiving and his courts with praise; give thanks to him and praise his name. —Psalm 100:4. As we continue reflecting on the call to worship in

Continue Reading »

January 13

Worship the Lord with gladness; come before him with joyful songs. —Psalm 100:2. Let’s not be limited to singing only in church buildings and sanctuaries. Worship is a whole body and

Continue Reading »