Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

දවසේ දේව වචනය
6th January 2022

ගම්‍යතාවය (පෙළඹවීම) ජීවිතයට වැදගත් වේ..!
බොහෝ විට, ඔබ එක් අවධියක් අවසන් කරන ආකාරය ඔබ ඊළඟ එක ආරම්භ කරන ආකාරයයි – එබැවින් ඔබට අතීතයේ බොහෝ දේ මග හැරුණත් ඔබේ ඉලක්ක වලට ගමන් කිරීමට වෙර දෙන්න..
පාපය, ලැජ්ජාව, බිය, පසුතැවීම සහ අධෛර්යය වීම අපව නැවතී සිටීමට පෙලබවීමට උත්සාහ කරන අතර, අප “ජේසුස් තුළ” සිටියහොත් එය කළ නොහැක..!!
බලාපොරොත්තු සුන්වීම නොවැළැක්විය හැකිය. නමුත් අධෛර්යමත් වීමට, මම තෝරා ගැනීමක් කල යුතුය. දෙවියන් වහන්සේ කිසි විටෙකත් මා අධෛර්යමත් නොකරනු ඇත. විශ්වාස කිරීමට උන්වහන්සේ නිතරම මා උන්වහන්සේ වෙතට යොමු කර ගනියි. එබැවින් මාගේ අධෛර්යය සාතන්ගෙන් පැමිනෙන්නකි. ඔබ, ඔබ තුළ ඇති හැඟීම් හරහා ගමන් කරන විට, පසුතැවීම, බලාපොරොත්තු සුන්වීම දෙවියන් වහන්සේගෙන් නොවන බව වැටහේ. තිත්තකම, සමාව නොදීම, මේ සියල්ල සාතන්ගේ ප්‍රහාරයන්ය..
මෙනෙහි කිරීම සඳහා වටිනාම ආධාරකයක් වන්නේ ශුද්ධ ලියවිල්ල කටපාඩම් කිරීමයි. අධෛර්යයට හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන අයගෙන් ප්‍රශ්න දෙකක් අසන්න: “ඔබ ස්වාමින් වහන්සේට ගායනා කරනවාද?” සහ “ඔබ ශුද්ධ ලියවිල්ල කටපාඩම් කරනවාද? අප මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අපගේ ඉදිරිදර්ශනය සහ ආකල්පයන් වෙනස් කිරීමට එයට ඇදහිය නොහැකි බලයක් ඇත..
ඔබේ තත්වය විශ්වාස කිරීම නවත්වන්න. දෙවියන් වහන්සේගේ පාලනයට එය යටත්ය, ඔබේ තත්වය ඔබ පාලනය නොකරයි. උන්වහන්සේ තුළ මුල් බැස සිටින්න..

“මිදි වැල මම ය. ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය…..” (ශුද්ධවර ජොහන් 15:5)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »