Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

සෑම දිනකම අපට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ. මම ආශ්වාස කරන වාතය, මට අවශ්‍ය ජලය, මාගේ නිවසේ ආහාර වැනි සරල දේවල් වල සිට මාගේ හිසට ඉහළින් වහලය දක්වා සෑම තැනකම දෙවියන්ගේ ප්‍රතිපාදනවල සලකුණු තිබේ..
ඔබ එය සොයන්නට කැමති නම් කිතුනු ජීවිතය දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරී ඇත..
බොහෝවිට, දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආශීර්වාද ලැබෙන්නේ ඉතා නොවැදගත් දෙයක් කිරීමට අප දක්වන කැමැත්තේ ප්‍රතිඵලයක් වශයෙනි. එබැවින් ඔබෙන්ම මෙසේ අසන්න: “දෙවියන් වහන්සේ මට තවමත් ඉටු කිරීමට උත්සාහයක් නොගත්, නොවැදගත් දෙයක් ලෙස පෙනෙන දෙයක් කිරීමට අභියෝග කර තිබේද”?..
අපගේ කීකරුකමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ බොහෝවිට අන් අයට – විශේෂයෙන්ම, අපට සමීපතම අයට- විපාක දෙයි. නිදසුනක් වශයෙන්,
දෙමාපියෙකු ස්වාමින් වහන්සේට කීකරු වන විට, මුළු පවුලම දෙවියන් වහන්සේගේ ආශීර්වාදවල විපාකය නෙළා ගනී. ඒ හා සමානව, දරුවෙකුගේ කීකරුකම ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන්ට ආශීර්වාද කරයි…
සෑම විටම ඥානවන්තම ක්‍රියාමාර්ගය වන්නේ දෙවියන් වහන්සේට කීකරු වීම බව අප හඳුනාගත යුතුයි. උන්වහන්සේට අප තුල ඇති හිස්බව – මුදල්, සබඳතා හෝ වෘත්තිය සම්බන්ධ දෙයක් වුවත් – විශිෂ්ට දෙයක් බවට පත් කළ හැක..
උන්වහන්සේ ඔබට යමක් කරන ලෙස පවසන විට සහ එය උන්වහන්සේගේ කැමැත්ත බව සැකයකින් තොරව ඔබ දන්නා විට, ඔබ කීකරු විය යුත්තේ කතා කරන්නේ කවුරුන්ද යන්න මත මිස ඔබෙන් ඉල්ලා ඇති දේ මත නොවේ..
කීකරුකම සැමවිටම ආශීර්වාදයට මඟ පාදයි..
සමිඳාණන් වහන්සේට කීකරු වීමට ඉලක්කයක් තබා ඔබේ ජීවිතය තුළ උන් වහන්සේ ක්‍රියා කරන ආකාරය දෙස බලන්න..
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තේජසින් ජීවත් වීම පොළවේ තදින් සිටවූ ගසක් හා සමානයි – ඔබ එයට වතුර දමන්නේ නම්, එය ඵල දරනු ඇත..

“මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිගකම් සපුරාලන සේක….” (පිලිප්පි 4:19)

Archives

April 22

Since the creation of the world, God’s invisible qualities—his eternal power and divine nature—have been clearly seen, being understood from what has been made, so that men are without excuse.

Continue Reading »

April 21

Jesus said, “I give them eternal life, and they shall never perish.” No one can snatch them out of my hand. “My Father, who has given them to me, is

Continue Reading »

April 20

Where, O death, is your victory? Where, O death, is your sting? The sting of death is sin, and the power of sin is the law. But thanks be to

Continue Reading »