Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

ඇදහිල්ලේ ප්‍රකාශයන්

මා කතා කරන්නේ මා ගැන, මාගේ පවුල සහ මාගේ අනාගතය කෙරෙහි විශ්වාසයේ සහ ජයග්‍රහණයේ ධනාත්මක වචන පමණක් බව මම ප්‍රකාශ කරමි. මම මාගේ තත්වය විස්තර කිරීමට මාගේ වචන භාවිතා නොකරමි, ඒ වෙනුවට මම මාගේ තත්වය වෙනස් කිරීමට මාගේ වචන භාවිතා කරමි මට අවශ්‍යය වන්නේ හොඳ විවේකයක්, සුවයක් සහ ප්‍රතිසංස්කරණයක්ය. මාගේ ප්‍රශ්න කොතරම් විශාලද කියා මම දෙවියන් වහන්සේ සමග පවසන්නේ නැත, ඒ වෙනුවට මම මාගේ ප්‍රශ්න සමග පවසන්නේ මාගේ දෙවියන් වහන්සේ කොතරම් විශාලද කියාය. මේ මාගේ ප්‍රකාශයයි.

දිව්‍යමය සෞක්‍ය සදහා පාපොච්චාරණය

මම දෙවියන් වහන්සේගේ වචනයේ ආලෝකයෙන් දින පතා ගමන් කරමි. ලෝකයේ පවතින ස්වභාවික තත්වයන් ගැන මම කම්පා නොවෙමි. දෙවියන් වහන්සේගේ වචනය මාගේ ශරීරය ආලෝකමත් කරන ආලෝකයයි. මාගේ සෞඛ්‍යය සඳහා දෙවියන් වහන්සේගේ ත්‍යාගශීලී ප්‍රතිපාදනයන් පිලිබදව මම දැනුවත්ව සිටිමි දෙවියන් වහන්සේගේ වචනයේ බලයෙන් මාගේ ශරීරය ප්‍රබෝධමත් වී (ශක්තිමත් වී ඇති නිසා) ඇති බැවින් මම ඒවා භුක්ති විඳිමි. ආමෙන්.

ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇතිබව අදහමි

මම ශක්තිමත්
මම සෞක්‍ය සම්පන්නයි
මම ආශිර්වාදිතයි
මම බලසම්පන්නයි
මම අභිෂේකලත් කෙනෙක්
මම නිදහස්
මම දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙක් 
මම සියල්ලන්ගේ සහ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත
මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තුවන දෙය ගැන කතා කරමි
මම වටිනා බීජයකි
මම ස්වාමින්වහන්සේගේ ගෘහයේ සරු එල ඇති භූමියක් මත රෝපණය කර ඇත
මම මගේ ස්වාමින්වහන්සේගේ මළුවෙහි ඇති තල් ගසකට සමානව සශ්‍රීකය
මම නිසි සමයේදී බහුල ලෙස ඵලදරයි
මම ස්වාමින්වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි
මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ සමෘධිමත් වන්නෙමි 
මම කොළ පරවී නොයන ගසකට සමානය, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැම දේ සරු සාර වේ 
ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලුදේ ක්‍රියාත්මක වේ 
මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබාගනිමි

මම ආත්මික ජීවියෙකි
මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත
මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුළ ජීවත් වේ
මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි, මාගේ ප්‍රාණය සවන් දෙයි, ලබාගනී
මාගේ ශරීරයට උපදෙස් දෙයි, මාගේ ශරීරය අවනත වෙයි

ජේසුස් වහන්සේගේ නාමයෙන්, මම මාගේ ශරීරයට මෙසේ  වදාලමි

දෙවියන්වහන්සේගේ විනාශ කළනොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුලින් පැහැදිලිව ප්‍රකාශ වෙයි 

මම මගේ ශරීරයේ සැම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාලමි

ක්‍රිස්තුස් වහන්සෙගේ මනස මෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාලන අතර දෙවියන් වහන්සේගේ වචනයට අණුව පෙළගැසීමට මම මගේ මනසට අණ කරමි 
මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පදදතියට ජීවිතය පිළිබදව වදාලමි
මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාලමි
මම මගේ වකුගඩු, අක්මාව සහ අග්න්‍යාශයට පරිපූර්ණත්වය පිළිබදව වදාලමි
මගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත
මගේ ඇටකටු, සන්ධි සහ කාටිලේජ පෙළගැසී, සවිමත්ව සහ ස්ථීරව ඇත
මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ
මගේ ඇස් පැහැදිලිව හා පරිපුර්ණව පෙනෙන අතර 
මාගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි
අලුත උපන් බිළිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෘදුයි, නිරෝගීයි  
මගේ කෙස් කළබේ කුප තදින් හිසට යාවී ඇත 
මම මගේ කෙස්  කළඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි
මගේ දත්, විදුරුමස්, හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞක්‍ය සම්පන්න අතර සවිමත් සහ පරිපුර්ණයි
මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේෂක එකිනෙකා සමග පරිපූර්ණ එකගතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි
මගේ ආහාර ජීරණ පද්ධතියට, ජීරණය, අවශෝෂණය, උරා ගැනීමට හැකි වන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘත්තීය අපද්‍රව්‍ය නිපැයුම් නිතිපතා පිට කිරීම ක්‍රමානුකුළව සිදුවෙයි
මාගේ ප්‍රජනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්‍ෂමව හොඳ සංචලනයකින් යුත් ශුක්‍රාණු නිපදවයි, තැන්පත් කරයි
මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි, උපත දක්වා කලලරූපය ආරක්ෂා කර පෝෂණය කරයි
දෙවියන් වහන්සේ මැවු අයුරින්ම පරිපූර්ණලෙස මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රීයයක්ම, සෑම පටකයක්ම ක්‍රියා කරන අතර, ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි.
මගේ මුළු මිනිස් ව්‍යුහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි! හාලේලූයියා! ආමෙන්.

පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි

ෂලෝම්

Archives

September 16

FAITH DECLARATIONS I DECLARE that I live as a healer I am sensitive to the needs of those around me. I lift the fallen, restore the broken, and encourage the

Continue Reading »

September 15

FAITH DECLARATIONS I DECLARE that I have a sound mind filled with good thoughts, not thoughts of defeat. By faith, I am well able. I am anointed. I am equipped.

Continue Reading »

September 14

FAITH DECLARATIONS I DECLARE that I use my words to bless people. I speak favor and victory over my family, friends, and loved ones. I help call out their seeds

Continue Reading »

September 13

FAITH DECLARATIONS I DECLARE that I am walking in new seasons of growth. I don’t get stagnant nor hold on to the old. I am open to change knowing that

Continue Reading »

September 12

FAITH DECLARATIONS I DECLARE I am special, extraordinary and supernatural. I am not average! I have been custom- made. I am one of a kind. Of all the things God

Continue Reading »

September 11

FAITH DECLARATIONS I DECLARE Ephesians 3:20 over my life. God does exceedingly, abundantly above all that I ask or think. I honor God and seek Him First and all His

Continue Reading »

September 10

FAITH DECLARATIONS I DECLARE that I am fulfilling the plans, God has prepared for my life as I put my trust in Him. I accomplish my dreams faster than I

Continue Reading »

September 9

FAITH DECLARATIONS I DECLARE unexpected blessings are here and now, in my way. I move forward from barely making it to having more than enough. God has opened up supernatural

Continue Reading »

September 8

FAITH DECLARATIONS I DECLARE God’s Plan for my life has come to pass. It does not get stopped by people, disappointments, or adversities. I have solutions to every problem, in

Continue Reading »