Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

ඇදහිල්ලේ ප්‍රකාශයන්

මම ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේගේ යහපත්කමේ හදිසි පිපිරීම් සහ ජයග්‍රහණයන් මාගේ ජීවිතයේ ඉදිරි ගමන් මගෙහි මෙහි සහ දැන් ඇති බවයි. රැල්ලක් නොවේ. ධාරාවක් නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ බලයේ ගංවතුරයි. සුවයේ ගංවතුරයි. ප්‍රඥාවේ සැඩ පහරයි. කරුණාවේ සැඩ පහරයි. මම ඉදිරි ගමනක් යන පුද්ගලයෙක් වන අතර මම ජීවිතය ගත කිරීමට තෝරා ගන්නේ, දියුණු ජයග්‍රාහී මනසකින්ය. දෙවියන් වහන්සේ සැමවිටම උන්වහන්සේගේ යහපත්කමෙන් සහ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් මා යටපත් කරයි. මේ මාගේ ප්‍රකාශයයි.

දිව්‍යමය සෞක්‍ය සදහා පාපොච්චාරණය

තේජසින් පිරි ජීවිතයක් සඳහා ආත්මයාණන් විසින් ශක්තිමත් කරන ලද සහ බලගන්වන ලද මම ක්‍රිස්තුස් වහන්සේ තුළ මාගේ උරුමයේ යථාර්ථය තුළ ගමන් කරමි. මාගේ ශරීරය තුළ ලෙඩ රෝග ඇති වීම මම අනුමත නොකරමි. මම මාගේ ජීවිතයේ සෑම දිනකම නිරෝගීව වාසය කරමි. දෙවියන් වහන්සේට මහිමය වේවා!

ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇතිබව අදහමි

මම ශක්තිමත්
මම සෞක්‍ය සම්පන්නයි
මම ආශිර්වාදිතයි
මම බලසම්පන්නයි
මම අභිෂේකලත් කෙනෙක්
මම නිදහස්
මම දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙක් 
මම සියල්ලන්ගේ සහ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත
මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තුවන දෙය ගැන කතා කරමි
මම වටිනා බීජයකි
මම ස්වාමින්වහන්සේගේ ගෘහයේ සරු එල ඇති භූමියක් මත රෝපණය කර ඇත
මම මගේ ස්වාමින්වහන්සේගේ මළුවෙහි ඇති තල් ගසකට සමානව සශ්‍රීකය
මම නිසි සමයේදී බහුල ලෙස ඵලදරයි
මම ස්වාමින්වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි
මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ සමෘධිමත් වන්නෙමි 
මම කොළ පරවී නොයන ගසකට සමානය, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැම දේ සරු සාර වේ 
ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලුදේ ක්‍රියාත්මක වේ 
මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබාගනිමි

මම ආත්මික ජීවියෙකි
මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත
මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුළ ජීවත් වේ
මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි, මාගේ ප්‍රාණය සවන් දෙයි, ලබාගනී
මාගේ ශරීරයට උපදෙස් දෙයි, මාගේ ශරීරය අවනත වෙයි

ජේසුස් වහන්සේගේ නාමයෙන්, මම මාගේ ශරීරයට මෙසේ  වදාලමි

දෙවියන්වහන්සේගේ විනාශ කළනොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුලින් පැහැදිලිව ප්‍රකාශ වෙයි 

මම මගේ ශරීරයේ සැම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාලමි

ක්‍රිස්තුස් වහන්සෙගේ මනස මෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාලන අතර දෙවියන් වහන්සේගේ වචනයට අණුව පෙළගැසීමට මම මගේ මනසට අණ කරමි 
මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පදදතියට ජීවිතය පිළිබදව වදාලමි
මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාලමි
මම මගේ වකුගඩු, අක්මාව සහ අග්න්‍යාශයට පරිපූර්ණත්වය පිළිබදව වදාලමි
මගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත
මගේ ඇටකටු, සන්ධි සහ කාටිලේජ පෙළගැසී, සවිමත්ව සහ ස්ථීරව ඇත
මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ
මගේ ඇස් පැහැදිලිව හා පරිපුර්ණව පෙනෙන අතර 
මාගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි
අලුත උපන් බිළිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෘදුයි, නිරෝගීයි  
මගේ කෙස් කළබේ කුප තදින් හිසට යාවී ඇත 
මම මගේ කෙස්  කළඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි
මගේ දත්, විදුරුමස්, හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞක්‍ය සම්පන්න අතර සවිමත් සහ පරිපුර්ණයි
මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේෂක එකිනෙකා සමග පරිපූර්ණ එකගතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි
මගේ ආහාර ජීරණ පද්ධතියට, ජීරණය, අවශෝෂණය, උරා ගැනීමට හැකි වන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘත්තීය අපද්‍රව්‍ය නිපැයුම් නිතිපතා පිට කිරීම ක්‍රමානුකුළව සිදුවෙයි
මාගේ ප්‍රජනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්‍ෂමව හොඳ සංචලනයකින් යුත් ශුක්‍රාණු නිපදවයි, තැන්පත් කරයි
මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි, උපත දක්වා කලලරූපය ආරක්ෂා කර පෝෂණය කරයි
දෙවියන් වහන්සේ මැවු අයුරින්ම පරිපූර්ණලෙස මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රීයයක්ම, සෑම පටකයක්ම ක්‍රියා කරන අතර, ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි.
මගේ මුළු මිනිස් ව්‍යුහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි! හාලේලූයියා! ආමෙන්.

පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි

ෂලෝම්

Archives

February 1

FAITH DECLARATIONS I DECLARE God’s Incredible Blessings over my life. I witness an explosion of God’s goodness, a sudden widespread increase. I experience the surpassing greatness of God’s favor. It

Continue Reading »

January 31

FAITH DECLARATIONS I DECLARE everything that doesn’t line up with God’s vision for my life is subject to change. Sickness, trouble, lack, mediocrity, are not permanent. They are only temporary.

Continue Reading »

January 30

FAITH DECLARATIONS I DECLARE God goes before me making crooked places straight. He has already lined up the right people, the right opportunities and solutions for me. No person, no

Continue Reading »

January 29

FAITH DECLARATIONS I DECLARE God is working all things together for my good. He has a master plan for my life. There may be things I don’t understand right now

Continue Reading »

January 28

FAITH DECLARATIONS I DECLARE that God does supernatural things in my life. I pray bold prayers and expect big and believe big. God brings to pass those hidden dreams that

Continue Reading »

January 27

FAITH DECLARATIONS I DECLARE I am equipped for every good work God has planned for me. I am anointed and empowered by The Creator of the universe. Every bondage, every

Continue Reading »

January 26

FAITH DECLARATIONS I DECLARE, I choose faith over fear. I meditate on what is positive and what is good about my situation. I use my energy, not to worry, but

Continue Reading »

January 25

FAITH DECLARATIONS I DECLARE I survive, I thrive, I prosper despite every difficulty that may come my way. I know every setback is a setup for a comeback. I do

Continue Reading »

January 24

FAITH DECLARATIONS I DECLARE I speak only positive words of faith and victory over myself, my family, and my future. I do not use my words to describe my situation,

Continue Reading »