Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

ඇදහිල්ලේ ප්‍රකාශයන්

මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට දෙවියන් වහන්සේ මාගේ ජීවිතය සඳහා උන්වහන්සේගේ සැලැස්ම වේගවත් කරන බව මම ප්‍රකාශ කරමි. මා සිතුවාටත් වඩා වේගයෙන් මාගේ සිහින සැබෑ කර ගනිමි. බාධක ජය ගැනීමට, ණය බරින් මිදීමට හෝ සුදුසු පුද්ගලයා හමුවීමට වසර ගණනාවක් ගත නොවේ. ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ මට මේ මොහොතේ ජයග්‍රහණය ලබා දී ඇත. මේ මාගේ ප්‍රකාශයයි.

දිව්‍යමය සෞක්‍ය සදහා පාපොච්චාරණය

මම සෑම දිනකම ජවසම්පන්නව, ශක්තිමත්ව සහ ජීවයෙන් පිරී සිටිමි. මම ක්‍රිස්තුස් වහන්සේ තුළ, අසනීප, රෝග, දුබලකම් සහ මරණයට වඩා ඉහළින් ජීවත් වන (ශ්‍රේෂ්ට) ජීවිතයක් ගත කරමි. මම දෙවියන්ගෙන් නැවත උපන් නිසා මම සාමාන්‍ය කෙනෙකු නොවේ. පියාණන් වහන්සේ තුළ ජීවය තිබෙනවා මෙන්, උන් වහන්සේ මට උන්වහන්සේට සමාන ආකාරයේ ජීවිතයක් ලබා දී ඇත. මේ අනුව, මම සෑම විටම ආශ්චර්යවත් ශක්තියෙන් හා හැකියාවෙන් ක්‍රියා කරමි. ආමෙන්.

ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇතිබව අදහමි

මම ශක්තිමත්
මම සෞක්‍ය සම්පන්නයි
මම ආශිර්වාදිතයි
මම බලසම්පන්නයි
මම අභිෂේකලත් කෙනෙක්
මම නිදහස්
මම දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙක් 
මම සියල්ලන්ගේ සහ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත
මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තුවන දෙය ගැන කතා කරමි
මම වටිනා බීජයකි
මම ස්වාමින්වහන්සේගේ ගෘහයේ සරු එල ඇති භූමියක් මත රෝපණය කර ඇත
මම මගේ ස්වාමින්වහන්සේගේ මළුවෙහි ඇති තල් ගසකට සමානව සශ්‍රීකය
මම නිසි සමයේදී බහුල ලෙස ඵලදරයි
මම ස්වාමින්වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි
මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ සමෘධිමත් වන්නෙමි 
මම කොළ පරවී නොයන ගසකට සමානය, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැම දේ සරු සාර වේ 
ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලුදේ ක්‍රියාත්මක වේ 
මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබාගනිමි

මම ආත්මික ජීවියෙකි
මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත
මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුළ ජීවත් වේ
මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි, මාගේ ප්‍රාණය සවන් දෙයි, ලබාගනී
මාගේ ශරීරයට උපදෙස් දෙයි, මාගේ ශරීරය අවනත වෙයි

ජේසුස් වහන්සේගේ නාමයෙන්, මම මාගේ ශරීරයට මෙසේ  වදාලමි

දෙවියන්වහන්සේගේ විනාශ කළනොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුලින් පැහැදිලිව ප්‍රකාශ වෙයි 

මම මගේ ශරීරයේ සැම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාලමි

ක්‍රිස්තුස් වහන්සෙගේ මනස මෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාලන අතර දෙවියන් වහන්සේගේ වචනයට අණුව පෙළගැසීමට මම මගේ මනසට අණ කරමි 
මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පදදතියට ජීවිතය පිළිබදව වදාලමි
මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබදව වදාලමි
මම මගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාලමි
මම මගේ වකුගඩු, අක්මාව සහ අග්න්‍යාශයට පරිපූර්ණත්වය පිළිබදව වදාලමි
මගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත
මගේ ඇටකටු, සන්ධි සහ කාටිලේජ පෙළගැසී, සවිමත්ව සහ ස්ථීරව ඇත
මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ
මගේ ඇස් පැහැදිලිව හා පරිපුර්ණව පෙනෙන අතර 
මාගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි
අලුත උපන් බිළිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෘදුයි, නිරෝගීයි  
මගේ කෙස් කළබේ කුප තදින් හිසට යාවී ඇත 
මම මගේ කෙස්  කළඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි
මගේ දත්, විදුරුමස්, හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞක්‍ය සම්පන්න අතර සවිමත් සහ පරිපුර්ණයි
මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේෂක එකිනෙකා සමග පරිපූර්ණ එකගතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි
මගේ ආහාර ජීරණ පද්ධතියට, ජීරණය, අවශෝෂණය, උරා ගැනීමට හැකි වන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘත්තීය අපද්‍රව්‍ය නිපැයුම් නිතිපතා පිට කිරීම ක්‍රමානුකුළව සිදුවෙයි
මාගේ ප්‍රජනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්‍ෂමව හොඳ සංචලනයකින් යුත් ශුක්‍රාණු නිපදවයි, තැන්පත් කරයි
මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි, උපත දක්වා කලලරූපය ආරක්ෂා කර පෝෂණය කරයි
දෙවියන් වහන්සේ මැවු අයුරින්ම පරිපූර්ණලෙස මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රීයයක්ම, සෑම පටකයක්ම ක්‍රියා කරන අතර, ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි.
මගේ මුළු මිනිස් ව්‍යුහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි! හාලේලූයියා! ආමෙන්.

පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි
දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි, මම එය හොදින් දනිමි

ෂලෝම්

Archives

April 25

FAITH DECLARATIONS I DECLARE I survive, I thrive, I prosper despite every difficulty that may come my way. I know every setback is a setup for a comeback. I do

Continue Reading »

April 24

FAITH DECLARATIONS I DECLARE I speak only positive words of faith and victory over myself, my family, and my future. I do not use my words to describe my situation,

Continue Reading »

April 23

FAITH DECLARATIONS I DECLARE I am a people builder. I look for opportunities to encourage others to bring out the best in them and to help them accomplish their dreams.

Continue Reading »

April 22

FAITH DECLARATIONS I DECLARE I live victoriously. I am created in the Image of God. I have the DNA of a winner. I am wearing a Crown of Favor. Royal

Continue Reading »

April 21

FAITH DECLARATIONS I DECLARE God’s Supernatural Favor over my life. What I could not make happen on my own, God has made happen for me. Supernatural opportunities, healing, restoration, and

Continue Reading »

April 20

FAITH DECLARATIONS I DECLARE that I am calm and peaceful. I do not let people or circumstances upset me. I rise above every difficulty, knowing that God has given me

Continue Reading »

April 19

FAITH DECLARATIONS I DECLARE there is an anointing of ease on my life. God is ever before me, He has made crooked places straight. His yoke is easy and His

Continue Reading »

April 18

FAITH DECLARATIONS I DECLARE breakthroughs are here and now in my life. Sudden bursts of God’s Goodness, not a trickle, not a stream, but a flood of God’s Power, a

Continue Reading »

April 17

FAITH DECLARATIONS I DECLARE I put actions behind my faith. I demonstrate my faith by taking bold steps to move towards what God has put in my heart. My faith

Continue Reading »